fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සයිබීරියාවේ රන් ආකරයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 11:35

සයිබීරියාවේ රන් ආකරයක වේල්ලක් බිඳී යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට

සයිබීරියාවේ රන් ආකරයක වේල්ලක් බිඳි යාමෙන් පුද්ගලයින් 15 දෙනෙකු ජිවිතක්ෂයට පත් ව තවත් 13 දෙනෙකු අතුරුදන් වී තිබෙනවා.

සයිබීරියාවේ ක්‍රස්නොයාර්ස්ක් ප්‍රදේශයේ සයිබා නදියේ වේල්ල ඊයේ ඇඳහැලුණු  අධික වර්ෂාව හේතුවෙන් බිඳී ගොස් තිබෙනවා. අනතුරින් රන් ආකරයේ සිටි කම්කරුවන් 14 දෙනෙකු පමණ බේරාගෙන රෝහල් ගත කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. මෙම රන් ආකරය නිතී රේගුලාසි උල්ලංඝණය කරමින් පිහිටුවීම සම්බන්ධව වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි වාර්තා වන්නේ. අතුරුදන් වී ඇති පිරිස සොයා මේ වන විටත් මෙහෙයුම් ක්‍රියාත්මකයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 11:35

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්