fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් යුරෝපා සංගමයට ලිපියක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 09:20

බ්‍රිතාන්‍ය අගමැතිගෙන් යුරෝපා සංගමයට ලිපියක්

බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන් වීමේ බ්‍රෙක්සිට් ක්‍රියාවලිය කල් දමන ලෙස ඉල්ලමින් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් යුරෝපා සංගමයට ලිපියක් යොමු කර තිබෙනවා.  ඒ සඳහා ඔහු සිය අත්සන යොදා නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ඒ සමඟම අත්සත් තැබූ දෙවන ලිපියක් ද යොමු කර ඇති අතර එහි ප්‍රකාශ කර ඇත්තේ නියමිත පරිදී ඔක්තෝම්බර් 30 වනදා ඉක්මවා බ්‍රෙක්සිට් ක්‍රියාවලිය පමා වීම විශාල අත්වැරැද්දක් වනු ඇති බවයි. යුරෝපා සංගමයෙන් වෙන්වීමේ ක්‍රියාවලිය පමා කරන ලෙස ඉල්ලා සිටීමට අග්‍රාමාත්‍යවරයාට සිදු වුයේ එරට පාර්ලිමේන්තුව ඒ සඳහා යෝජනාවක් සම්මත කර ගැනීමත් සමඟයි. යුරෝපා සංගමයේ සභාපති ටොනල්ඩ් ටස්ක් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් කියා ඇත්තේ මෙලෙස ඉල්ලීමක් අග්‍රාමාත්‍යවරයා සිදුකර ඇති බවයි. ඔහු ඒ සම්බන්ධව අනෙකුත් සාමාජිකයින් සමඟ සාකච්ඡා කරන බවද එහි වැඩිදුරටත් සඳහන් වනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 20, 2019 09:20

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්