fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 16:40

ශ්‍රී ලංකා කණ්ඩායම හෙට ඕස්ට්‍රේලියාව බලා පිටත්ව යයි

ඕස්ට්‍රේලියාව සමග පැවැත්වෙන පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගය සදහා සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායම හෙට (20) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ඕස්ට්‍රේලියා තරග සංචාරය සදහා වන ක්‍රිඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ලසිත් මාලිංගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා පාකිස්තාන තරග සංචාරයට එක් වූ ක්‍රිඩකයින් 12 දෙනෙකු එක් කර තිබෙනවා.

එම තරග සංචාරයට එක් නොවූ කුසල් මෙන්ඩිස්,  නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා ද මෙම සංචිතයට ඇතුලත්. තරග සංචාරය සදහා එක්වන ක්‍රිඩකයින් ඊයේ (18) දිනයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී ආගමික වතාවත්වලද නිරත වුනා.   ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය  ලබන 27 වනදා ඇඩ්ලේඩ්හිදී පැවැත්විමට නියමිතයි.

දෙරට අතර ලබන විසිහතරවනදා පුහුණු තරගයක්ද පැවැත්විමට සැලසුම් කර තිබෙනවා.  එම තරගය සැලසුම් පිලිබදව විස්සයි විස්ස කණ්ඩායමේ නායක ලසිත් මාලිංග මෙහිදි අදහස් පළ කර සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 16:40

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්