2016 වසරේ අම්බලන්ගොඩ, මාදම්පේ ප්රදේශයේ දී හෙරොයින් කිලෝග්රෑම් 20 ක් සමග අත්අඩංගුවට ගත් පුද්ගලයෙකුට මරණ දඩුවම නියම කෙරුණා.
බලපිටිය මහාධිකරණ විනිසුරු කුමාරි අබේරත්න මහත්මියයි නියෝගය නිකුත් කළේ. අම්බලන්ගොඩ, මාදම්පේ ප්රදේශයේ පදිංචි 37 හැවිරිදි දෙදරු පියෙක් වන පුද්ගලයෙකුට මෙලෙස මරණ දඩුවම නියම කෙරුණා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තවත් සැකකරුවන් 8 දෙනෙකු නීතිපති උපදෙස් මත නිදහස් කිරීමට කටයුතු කෙරුණා.