මන්නාරම, එළුපාකඩවෙයි කේරල ගංජා කිලෝග්රෑම් 164 ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට නාවික හමුදාව සමත් වුණා.
නාවික හමුදාව මන්නාරම, එළුපාකඩවෙයි ප්රදේශයේ යොදා ඇති මාර්ග බාධකයකදී සුඛෝපබෝගී ජීප් රථයක් අනනොතකා ධාවනය කර තිබෙනවා. ඒ හේතුවෙන් එම රථය දෙසට අවවාදාත්මක වෙඩි ප්රහාර කිහිපයක් එල්ල කර රථය නවත්වා ගැනීමට නාවික හමුදාව කටයුතු කළා. පසුව සිදුකෙරුණු පරීක්ෂා කිරීමේදී පාර්සල් කිහිපයක අසුරා තිබූ කේරල ගංජා තොගය සොයා ගැණුනා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් කළුවන්කර්නි සහ මැදගම ප්රදේශවල පදිංචිකරුවන් වනවා. සුඛෝපබෝගී ජීප් රථය සහ කේරල ගංජා තොගය සමග සැකකරුවන් මන්නාරම පොලීසියට භාරදීමටයි නාවික හමුදාව කටයුතු කළේ.