fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

කොංගෝ ජනරජයේ හදිසි තත්ත්වය තවදුරටත්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 14:29

කොංගෝ ජනරජයේ හදිසි තත්ත්වය තවදුරටත්

කොංගෝ ජනරජයේ පැතිර යන ඉබෝලා වසංගතය හේතුවෙන් ගෝලීය වශයෙන් ප්‍රකාශයට පත්කළ හදිසි තත්ත්වය තවදුරටත් බලපැවැත්වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.

මේ වනවිට රෝගීන් වාර්තාවීම අවම වුවද අනතුරුදායක තත්ත්වය තවමත් පහව ගොස් නැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. කොංගෝ ජනරජයේ පතල් කර්මාන්තයේ නියුතු පුද්ගලයින් අතර වැඩි වශයෙන් වසංගතය පැතිර යන බව සෞඛ්‍ය අංශ පවසනවා.

2018 වසරේ සිට මේ දක්වා ඉබෝලා රෝගී මරණ 2154 ක් සහ රෝගය වැළඳුන පුද්ගලයින් 3227 ක් වාර්තාවී තිබෙනවා. පසුගිය ජූලි මස 17 වනදා ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වය ප්‍රකාශයට පත් කළා.

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 14:29

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්