fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

උතුරේ යළි පදිංචි කළ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට වැඩසටහන් රැසක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 12:21

උතුරේ යළි පදිංචි කළ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට වැඩසටහන් රැසක්

උතුරේ යළි පදිංචි කළ ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට රජය වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබෙනවා. ඒ  යුද හමුදාවේ ද පූර්ණ සහයෝගය ඇතිවයි.

යුද හමුදාව භාරයේ පැවති ඉඩම් සාමාන්‍ය ජනතාවට ලබාදීමේ තවත් අදියරක් පසුගියදා කිලිනොච්චියේදී පැවැත්වුණා. ඒ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්. අඩු ආදායම් ලාභී පවුල්වලට සහ පුනරුත්ථාපනය කර සමාජ ගතකෙරුණු හිටපු එල්ටීටීඊ සාමාජිකයන්ට ද ස්වයං රැකියා උපකරණ ලබාදීමට මෙහිදී කටයුතු කළා.

එම පවුල් වෙත තවත් භාණ්ඩ රැසක් ප්‍රදානය කිරීම සිදුකෙරුණේ ද යුද හමුදාපතිවරයාගේ ප්‍රධානත්වයෙන්. කිලිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් ජී වී රවිප්‍රිය මහතා ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්වුණා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 19, 2019 12:21

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්