එකම දේශපාලනඥයින් පිරිසක් පත්වන අලුත් ආණ්ඩුවල ද ඇමති ධුර හෙබවීමේ ප්‍රහසනය තම රජයක් යටතේ අවසන් කරන බව ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. තංගල්ල කුඩාවැල්ල ලංකා පොදු ධීවර සම්මේලනය අමතමිනුයි ඒ මහතා මේ බව සඳහන් කළේ.
ජනතාව නායකයන්ගෙන් ප්‍රශ්න කරන සංස්කෘතියක් නිර්මාණය කළ යුතු බව ද අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළා. මෑතකදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට නිසි පිළිතුරු ලබා දීමෙන් තොරව මගහැර යාමේ ක්‍රියාවක් දැක ගැනීමට ලැබුණු බව ද ඒ මහතා පෙන්වා දුන්නා.
හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති, සමස්ත ලංකා පොදු ධීවර සම්මේලනයේ ජාතික සංවිධායක රත්න ගමගේ, රුහුණ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය විමලසිරි පුංචිහේවා යන මහත්වරුන් ඇතුලු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/BHz5Ejon3yI”]