fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිවාස අධිකාරියේ රු. මිලියන 400 ක් ගැන පෞද්ගලික නාලිකා දෙකක් ප්‍රචාරය කළ පුවත අසත්‍යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 18:28

නිවාස අධිකාරියේ රු. මිලියන 400 ක් ගැන පෞද්ගලික නාලිකා දෙකක් ප්‍රචාරය කළ පුවත අසත්‍යයි

නිවාස අධිකාරියට අයත් රුපියල් මිලියන 400 ක මුදලක් ජනාධිපති මැතිවරණ කටයුතු සඳහා භාවිත කළ බවට පෞද්ගලික නාලිකා දෙකක් ප්‍රචාරය කළ පුවත සම්පූර්ණයෙන් අසත්‍ය බව නිවාස අධිකාරියේ සභාපති ලක්විජය සාගර පලන්සූරිය මහතා පවසනවා.

2019 අයවැය යෝජනාව අනුව අනුමත කළ රුපියල් මිලියන 400 ක මුදලක් සභාපතිවරයාගේ අනුදැනුම මත මැතිවරණ කටයුතු සඳහා භාවිත කළ බවට පසුගිය 16 වනදා අදාළ පෞද්ගලික නාලිකාවල ප්‍රවෘත්තියක් පළ වී තිබුණා. මීට අමතරව පසුගිය කාල සිමාවේදී නීති විරෝධී ලෙස බඳවා ගත් සේවකයින් දෙදහසකට අධික පිරිසක් ස්ථිර කිරීමට හොර රහසේ ලිපි සකස් කළ බව ද එම පුවත හරහා හෙළිකර තිබුණා. අදාළ පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් එම අසත්‍ය තොරතුර නිවැරදි කරන ලෙසත් නිවාස අධිකාරිය මගින් දන්වා ඇති බවයි සභාපතිවරයා මාධ්‍ය හමුවේ සඳහන් කළේ.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 18:28

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්