පෙර පාසල් අධ්‍යාපනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය ලබන සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සදහන් කළා. ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළා.
ආණ්ඩුකාරවරුන් හා පළාත් ප්‍රධාන ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද (18) ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. එහිදී ජනාධිපතිතුමා සදහන් කළේ ජාතික අධ්‍යාපන කොමිසන් සභාව මගින් සම්පාදනය කරන ලද පෙර පාසල් අධ්‍යාපනය පිළිබද ජාතික ප්‍රතිපත්තිය කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි. පෙර පාසල් අධ්‍යාපනය පිළිබද ජාතික ප්‍රතිපත්තියක් මෙතෙක් මෙරට සම්පාදනය කර නොතිබූ අතර පූර්ව පාසල් අධ්‍යාපනයේ විධිමත්භාවයක් ඇති කිරීම සදහා ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් පළමු වරට මෙවැනි ප්‍රතිපත්ති මාලාවක් සම්පාදනය කිරීමට පියවර ගැනුණා.
ජාතික අධ්‍යාපන කොමිෂන් සභාව මගින් පත් කරන ලද විශේෂ කමිටුවක් දෙස් විදෙස් පර්යේෂණ කෘති අධ්‍යයනය කරමින් සහ පූර්ව ළමාවිය සංවර්ධනයට අදාළ ආයතන සංවිධාන සහ පාර්ශ්වයන්ගේ අදහස් හා යෝජනා විමසමින් මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය සකස් කර තිබෙනවා. එම කටයුතු ආරම්භ කෙරුණේ පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදීයි. පළමු වතාවට මෙවැන්නක් හදුන්වාදීම පිළිබදව පළාත් ආණ්ඩුකාරවරුන් ජනාධිපතිතුමාට සිය ස්තූතිය පළ කළා.
[ot-video type=”youtube” url=”https://youtu.be/RjUnieec02w”]
එහිදී තීරණය වී ඇත්තේ මෙම සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබදව සාකච්ඡා කිරීමට සහ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ ගැනීමට එළඹෙන කැබිනට් මණ්ඩල රැස්වීමට සියලු ආණ්ඩුකාරවරුන් සහභාගී කරවා ගැනීමටයි.
මේ අතර මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස එම් ආර් සී ප්‍රනාන්දු මහතා අද (18) ජනාධිපතිතුමා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තා.
තුන් නිවුන් දරුවන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් මුදල් ප්රදානය කිරීමක් ද ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා. එලෙස තුන් නිවුන් දරුවන් බිහි කළ ආර්ථික අසීරුතාවයෙන් පෙළෙන පවුල් නවයක් වෙනුවෙන් එක් පවුලකට රුපියල් ලක්ෂ 20 බැගින් වූ මුදලක් මෙහිදී ජනාධිපතිතුමා පරිත්‍යාග කළා. මේ අතර කොස්වත්ත තලාහේන පදිංචි මෙනීෂා, ඩෙන්වර් යුවළට දාව 2012 වසරේ උපත ලැබූ පස් නිවුන් දරුවන්ගේ ඉදිරි අභිවෘද්ධිය වෙනුවෙන් රුපියල් ලක්ෂ 25 ක මුදලක් පරිත්‍යාග කිරීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.