fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 17:39

ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට

ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද පත්‍රිකා නිකුත් කිරීම හා තැපෑලට භාරදීම අද (18)  සිදුකෙරුණා.

ලබන 31 වනදා සහ ලබන මස පළමුවනදා තැපැල් ඡන්දය පැවැත්වෙනවා. ඒ රජයේ ආයතනවල සහ හමුදාවන්හි සේවය කරන අය සදහායි. දිස්ත්‍රික් ලේකම් කාර්යාල, මැතිවරණ කාර්යාල සහ පොලීසියේ නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිත කිරීම සදහා අවස්ථාව ලබාදී ඇත්තේ ලබන මස 4 වනදායි. එම දිනවල ඡන්දය සලකුණු කිරීමට නොහැකිවන තැපැල් ඡන්ද හිමියන්ට ලබන මස 7 වනදා තම සේවා ස්ථානයේ පිහිටි දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලදී ඒ සදහා අවස්ථාව හිමිවනවා.

මේ අතර ජනාධිපතිවරණයේ නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපෑලට භාරදීම ලබන 25 වනදා සිදුකිරීමට නියමිතයි. ඒවා බෙදාදීමේ විශේෂ දිනය ලෙස ලබන මස තුන්වනදා නම්කර තිබෙනවා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදාහැරීම ලබන මස 9 වනදායින් අවසන් වන බවයි මැතිවරණ කොමිසම සදහන් කරන්නේ.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 17:39

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්