fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිලංගට නිකුත් කළ නියෝගය ගැන ඇමති හරීන් හේතු දක්වයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 17:28

තිලංගට නිකුත් කළ නියෝගය ගැන ඇමති හරීන් හේතු දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු සභාපති තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනය තුළ තනතුරු දැරීම තහනම් කරමින්  ක්‍රිඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විශේෂ නියෝගයක්  පසුගියදා නිකුත් කළා.  ඒ පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍යහමුවක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්වුණා.

තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරීම වලක්වාලමින් පසුගිය සැප්තැම්බර් 09 වනදා තාවකාලික තහනමක් පැනවිමට ක්‍රිඩා අමාත්‍ය  හරින් ප්‍රනාන්දු මහතා කටයුතු කළා. තිලංග සුමතිපාල මහතාට ක්‍රිකට් ආයතනයේ තනතුරු දැරිය හැකිද යන්න සම්බන්ධයෙන් සොයා බැලිම සදහා කමිටුවක්ද පත් කෙරුණා.

ඒ අනුව ක්‍රිඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ධම්මික මුතුගල මහතාගේ සභාපතිත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවේ වාර්තාව පසුගිය සතියේදී ක්‍රිඩා අමාත්‍යවරයා වෙත ලබා දී තිබෙනවා. එහි නිර්දේශ අනුවයි තිලංග සුමතිපාල මහතාට ශ්‍රී  ලංකා ක්‍රිකට් ආයතනයේ කිසිදු තනතුරක් දැරිය නොහැකි වන ලෙස මෙම තහනම් නියෝගය පැනවිමට කටයුතු කෙරුණේ.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 17:28

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්