බණ්ඩාරවෙල – අඹදණ්ඩේගම, අල්ලිමලේ ප්‍රදේශයේ දි ජීප් රථයක් අඩි තුන්සියයක ප්‍රපාතයකට පෙරලි ගොස් තිබෙනවා.
අඹදණ්ඩේගම හරහා වැල්ලවාය දක්වා ගමන් කරමින් තිබූ ව්‍යාපාරිකයෙකුට අයත් ජීප් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය පවසන්නේ. අනතුරෙන් රියදුරා බරපතල තුවාල ලබා රෝහල්ගතකර තිබෙනවා.
ජීප් රථයට ද දැඩි හානි සිදුවුණා. පටු මාර්ගයේ ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයට වැටී ඇති බවයි පොලිසිය සදහන් කළේ.