fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

සමස්ත ලංකා පාසල් අවුරුදු 17න් පහළ ටෙනිස් ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලයට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 13:36

සමස්ත ලංකා පාසල් අවුරුදු 17න් පහළ ටෙනිස් ශුරතාව කොළඹ රාජකීය විද්‍යාලයට

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරගාවලියේ ටෙනිස් තරග මහනුවර කැන්ඩියන් ගාඩින් ක්‍රිඩා සමාජ ටෙනිස් පිටියේදී පැවැත්වුනා.

සමස්ත ලංකා පාසල් ක්‍රිඩා තරගාවලියේ අවුරුදු 17න් පහළ ටෙනිස් ශුරතාව දිනා ගැනිමට කොළඹ රාජකීය විද්‍යාලය සමත් වුනා. එහි අනුශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලය දිනා ගත්තා.

තුන්වන ස්ථානයට පත් වුණේ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයයි. තරගාවලියේ බාලිකා ශුරතාව දිනා ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයයි. කොළඹ කාන්තා විද්‍යාලය එහි අනුශුරතාව දිනා ගත්තා. තුන්වන ස්ථානය කොළඹ මියුසියස් විද්‍යාලයට හිමි වුණා.

මේ අතර අවුරුදු 20න් පහළ බාලක ශුරතා තරගාවලියට අයහපත් කාලගුණ තත්ත්වයෙන් බාධා එල්ල විම හේතුවෙන්  කොළඹ රාජකීය විද්‍යාලය හා ශාන්ත පීතර විද්‍යාලය එහි සම ශුරතාව හිමි කර ගත්තා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 13:36

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්