ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ හෙට ඇරඹෙයි
Related Articles
ලෝක කුසලාන රග්බි තරඟාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරඟ හෙට (19) ආරම්භ වනවා. හෙට (19) තරඟ දෙකක් පැවැත්විමටයි සැලසුම් කර තිබෙන්නේ.
තරඟාවලියේ පළමු අර්ධ අවසන් පුර්ව තරඟය පැවැත්වෙන්නේ එංගලන්තය සහ ඔස්ටේ්රලියාව අතර. එංගලන්තය පළමු වටයේ සහභාගිවූ සියලු තරඟ ජය ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තා. ඔස්ටේරිලියාව පළමු වටයේදි එක් තරඟයක් පරාජයට පත්වුණා.
දෙවන අර්ධ අවසන් පූර්ව තරඟය නවසිලන්තය සහ අයර්ලන්තය අතරයි පැවැත්වෙන්නේ. නවසිලන්තය පළමු වටයේදි අපරාජිතව අර්ධ අවසන් පූර්ව තරඟයට සුදුසුකම් ලැබු අතර අයර්ලන්තය පළමු වටයේදි ජපානය හමුවේ පරාජයට පත්වුණා.