fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පාකිස්තාන තරග සංචාරයේදී නවක ක්‍රිඩකයින් රැසක් හදුනා ගැනීමට හැකි වුණා

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 12:31

පාකිස්තාන තරග සංචාරයේදී නවක ක්‍රිඩකයින් රැසක් හදුනා ගැනීමට හැකි වුණා

පාකිස්තාන තරග සංචාරයේදී නවක ක්‍රිඩකයින් රැසක් හදුනා ගත හැකි වූ බව ශ්‍රී ලංකා පන්දුවාර විස්සයි විස්ස  කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. ඒ ඕස්ට්‍රේලියා තරග සංචාරය පිලිබද දැනුවත් කිරිමේ කොළඹ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එළඹෙන පන්දුවාර විස්සයි විස්ස ඕස්ට්‍රේලියා තරග සංචාරය සදහා වන ක්‍රිඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය ප්‍රකාශයට පත් කෙරුණා. ලසිත් මාලිංගේ නායකත්වයෙන් යුත් සංචිතය සදහා පාකිස්තාන තරග සංචාරයට එක් වූ ක්‍රිඩකයින් 12 දෙනෙකු එක් කර තිබෙනවා. එම තරග සංචාරයට එක් නොවූ කුසල් මෙන්ඩිස්,  නිරෝෂන් දික්වැල්ල සහ කුසල් ජනිත් පෙරේරා ද මෙම සංචිතයට ඇතුලත්.

ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය  ලබන 27 වනදා ඇඩ්ලේඩ්හිදී පැවැත්විමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 18, 2019 12:31

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්