අමාත්‍ය දයා ගමගේ මහතා අද (18) ජනාධිපති විමර්ශන කොමිසම හමුවට පැමිණියා.
මත්තල ගුවන්තොටුපොලේ වී ගබඩා කිරීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහායි අමාත්‍ය දයා ගමගේ මහතා ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ පෙනී සිටියේ. ඒ මහතාගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතින බවයි වාර්තා වන්නේ.