අධික වර්ෂාවත් සමග රත්නපුර, බදුල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්වලට නායයාමේ අනතුරු ඇගවීමේ නිවේදන නිකුත්කර තිබෙනවා.
පවතින අධික වර්ෂාව හේතුවෙන් රත්නපුර, බදුල්ල, කුරුණෑගල සහ මහනුවර දිස්ත්‍රික්වල ඉවුරු සහ කණ්ඩි ආශ්‍රිතව ජීවත්වන ජනතාව විමසිලිමත් විය යුතු බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. එහි නායයාම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර මහතා පවසන්නේ පූර්ව අනතුරු ඇගවීමේ නිවේදනය අද (18) පස්වරු 6.00 දක්වා ක්‍රියාත්මක බවයි.
ඊයේ (17) ඇද හැලුණු අධික වර්ෂාවත් සමග දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 6ක් විවෘත කර තිබෙනවා.
මේ අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (18) පස්වරුවේ මිලිමීටර් සියය ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
[ot-video type=”youtube” url=”https://youtu.be/fKog6W-CP2E”]