හෙරොයින් කිලෝග්‍රෑම් තිහකට ආසන්න ප්‍රමාණයක් සමග සැකකරුවන් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
දිවුලපිටිය, උල්ඇලපල, මිල්කාසිල්වත්ත ප්‍රදේශයේ නිවසක තිබියදීයි මෙම හෙරොයින් තොගය සොයාගෙන ඇත්තේ.
ඒ අදාළ නිවසේ හෙරොයින් ජාවාරම් සිදුකරන බවට ලද තොරතුරක් අනුවයි. දිවුලපිටිය පොලීසිය මේ පිළිබද වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරනවා.