සියලූම ගොවි ජනතාවට නොමිලේ පොහොර ලබා දීමට තමන් කටයුතු කරන බව ජනාධිපති ධූර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
කැකිරාව නගරයේ අද පැවති ජන හමුවට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ වී සදහා රුපියල් 50ක සහතික මිලක් ලබා දීමට තමන් සූදානම් බවයි.
සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය තහවුරු කිරීමේ ජන හමු කිහිපයක් කැකිරාව තඹුත්තේගම, මිහින්තලය සහ අනුරාධපුර යන නගරවලදී පැවැත්වුණා. ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා, රාජිත සේනාරත්න යන මැති ඇමතිවරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.
[ot-video type=”youtube” url=”https://youtu.be/CSMqnhLXmRI”]