fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රිඩිකාවන් සඳහා මාතෘ නිවාඩු හදුන්වා දීමට පියවර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 15:50

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රිඩිකාවන් සඳහා මාතෘ නිවාඩු හදුන්වා දීමට පියවර

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රිඩිකාවන් සඳහා මාතෘ නිවාඩු හදුන්වා දීමට එරට ක්‍රිකට් ආයතනය පියවර ගෙන තිබෙනවා.

ඕස්ට්‍රේලියා ක්‍රිකට් ක්‍රිඩීකයින්ගේ සංගමය සමඟ කළ සාකච්චාවකින් අනතුරුවයි මෙම මාතෘ නිවාඩු හදුන්වා දීමට කටයුතු කෙරුණේ. ඒ අනුව ප්‍රාන්ත ,  ජාතික හෝ බිග්බෑෂ් ලීග් ගිවිසුම්ගත ක්‍රිඩිකාවන්ට මව් පදවිය ලැබිමේ දී මාස 12ක වැටුප් සහිත මාතෘ නිවාඩු ලබා දීමට කටයුතු කෙරෙනු ඇති. ඊට අමතරව අදාළ ක්‍රිඩිකාවන්ට ඉදිරි වසර සඳහා ඔවුන්ගේ කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරිම ඇතුළු වරප්‍රසාද රැසක් හිමිවනවා. එමෙන්ම ක්‍රිකට් ක්‍රිඩකයින්ටද සිය බිරිද මව්පදවිය ලැබිමේදී සති තුනක කාලයක් සඳහා වැටුප් සහිත නිවාඩු ලබා දිමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 15:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්