fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශාන්ත අබේසේකර නොවැම්බර් මස 05 වනදා දක්වා රිමාන්ඩ්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 15:50

ශාන්ත අබේසේකර නොවැම්බර් මස 05 වනදා දක්වා රිමාන්ඩ්

පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත අබේසේකර නොවැම්බර් මස 05 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හලාවත මහාධිකරණය නියෝග කළා.

හලාවත මහාධිකරණය  නියම කර තිබූ ඇප කොන්දේසි උල්ලංඝනය කිරීමක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට එරෙහිව ගොණු කර තිබූ නඩුව කැදවූ අවස්ථාවේයි මෙම නියෝගය සිදු කෙරුණේ. නීති විරෝධීව ගිනි අවියක් සහ ජීව පතුරම් තොගයක් සන්තකයේ තබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනාවක් මත මන්ත්‍රීවරයා ඇතුළු තුන් දෙනෙකුට එරෙහිව හලාවත මහාධිකරණයේ නඩු පවරා තිබුණා. එම සිද්ධියට අදාලව 2011 වසරේ මාර්තු 21 වනදා අධිකරණය සැකකරුවන්ට ඇප නියම කලද එම කොන්දේසි මත සෑම ඉරිදාවකම ඔවුන් හලාවත පොලීසිය වෙත වාර්තා කළ යුතුයි.

එම කොන්දේසි ලිහිල් කරමින් සෑම මසකම අවසන් ඉරුදින පොලීසියට වාර්තා කරන ලෙස  පසුව නියම කෙරුණා. අවස්ථා 04 කදී අධිකරණය නියම කර ඇති ඇප කොන්දේසි මන්ත්‍රීවරයා කඩ කළ බවට හලාවත පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළා.

මේ අතර කොල්ලුපිටිය ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යන මුවාවෙන් සිදු කළ ගණිකා නිවාසයකදී අත්අඩංගුවට ගත් තායි ජාතික තරුණියන් 24 දෙනාගෙන් 16 දෙනෙකු මුදා හරින ලෙස කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. නඩු පවරන බවට පොලීසිය දැනුම් දුන් සැකකාරියන් පෙර ඇප මත මුද හරින ලෙසද නියෝග කෙරුණා.

කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ නඩුව කැදවූ අවස්ථාවේයී  මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය සිදු කළේ. ගණිකා නිවාසයක්  සම්බාහන මධ්‍යස්ථානයක් ලෙස පවත්වාගෙන යාම පිලිබද එහි හිමිකරු දැන සිටි බවට පොලීසිය අධිකරණයට කරුණු දැක්වුවා. ඔහු සම්බන්ධයෙන් ක්‍රියා කිරීමට නියෝගද ඉල්ලා සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 15:50

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්