අසභ්‍ය වීඩියෝ පට ලක්ෂ දෙකක් පමණ වෙබ් අඩවිවලට යොමු කරමින් අන්තර්ජාලය ඔස්සේ ලිංගික අපරාධ සිදු කළ 300 වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. බ්‍රිතාන්‍ය ජාතික අපරාධ ඒජන්සියයි මෙම බව හෙළි කරන්නේ.
අන්තර්ජාතික ළමා ලිංගික අපරාධකරුවන් 337 දෙනෙකු රටවල් 38 කින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.අසභ්‍ය වීඩියෝපට ලක්ෂ දෙකකට වැඩි ප්‍රමාණයක් ළමා වෙබ් අඩවිවලට මෙම පිරිස විසින් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ. දකුණු කොරියාවේ සිට අසභ්‍ය ළමා වෙබ් අඩවියක්ද විසුරුවා හැර තිබෙනවා. ඊට සම්බන්ධ පුද්ගලයින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් බ්‍රිතාන්‍ය , අයර්ලන්ත , ඇමෙරිකා , ජර්මන් ජාතිකයින් වනවා.