fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ක්‍රිඩාවේ දියුණුව වෙනුවෙන් උපාය මාර්ගික සැලසුමක් අවශ්‍යයි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 12:55

ක්‍රිඩාවේ දියුණුව වෙනුවෙන් උපාය මාර්ගික සැලසුමක් අවශ්‍යයි

ක්‍රිඩාවේ දියුණුව වෙනුවෙන් උපාය මාර්ගික සැලසුමක් අවශ්‍ය බව ක්‍රිඩා අමාත්‍යාංශයේ ලේකම් චුලානන්ද පෙරේරා මහතා පවසනවා. ඒ ජාතික මහා ක්‍රිඩා උළෙල පිලිබදව දැනුවත් කිරිමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.

45 වන ජාතික මහා ක්‍රිඩා උළෙල ලබන විසිහතරවනදා සිට විසිහත්වනදා දක්වා බදුල්ල වින්සන්ට් ඩයස් ක්‍රිඩාංගනයේදී පැවැත්විමට නියමිතයි. මෙවර තරගාවලියට ක්‍රිඩක ක්‍රිඩිකාවන් දෙදහසකට අධික පිරිසක් එක්ව සිටිනවා. ඊට ක්‍රිඩා තාක්ෂණ නිළධාරින් 750ක් ද එක්වනු ඇති. මෙවර ජාතික මහා ක්‍රිඩා උළලේ ජයග්‍රහාහකයින්ට පිරිනමන ත්‍යාග මුදල් දෙගුණ කිරිමට ක්‍රිඩා අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මිට අමතරව ජාතික මහා ක්‍රිඩා උළලේ දක්ෂතම ක්‍රිඩකයාට හා ක්‍රිඩිකාවට ඉතිහාසයේ පළමුවරට මෝටර් රථයක් ප්‍රදානය කිරිමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඉදිරිපත්වීම විශේෂත්වයක්. මේ වන විට ජාතික මහා ක්‍රිඩා උළලේ පදක්කම් සටහනේ  පෙරමුණ ගෙන සිටින්නේ බස්නාහිර පළාතයි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 17, 2019 12:55

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්