සෞදි ආරාබියේ මදීනා නගරයේ සිදු වූ සිදු වූ බස් රථ අනතුරකින් විදේශිකයින් 35 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
සෞදි ආරාබියේ මදීනා නගරයේ වන්දනා චාරිකාවක් සඳහා පැමිණි සංචාරක බස් රථයකුයි මෙලෙස අනතුරට පත්වී තිබෙන්නේ. සංචාරක බස් රථය වාහන ප්රවාහනය කරන ලොරි රථයක ගැටීමෙනුයි අනතුර සිදු වුණා. පුද්ගලයින් 04 දෙනෙකු තුවාල ලැබුවා. අනතුරත් සමඟ ගින්නක්ද හට ගෙන තිබෙනවා. අරාබි ජාතිකයින් සහ ආසියා ජාතිකයින් මෙම බස් රථයේ සිට ඇති බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.