2020 වසරේ පැවැත්වෙන පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමෙරිකා ඩොලර් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබා දීමට ජාත්‍යන්ත ක්‍රිකට් කවුන්සලය තීරණය කර තිබෙනවා.
2020 පන්දුවාර 20-20 ලෝක කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය දිනා ගන්නා කණ්ඩායමට ඇමෙරිකා ඩොලර් පන්ලක්ෂයක මුදලක් ද හිමි වන බවයි එම කවුන්සලය වැඩිදුරටත් සඳහන් කළේ. ඒ අනුව මෙම තරගාවලියේදී පිරිනමන සමස්ත මුදල් ත්‍යාග ප්‍රමාණය 2018 වසරේ පැවති තරගාවලිය හා සන්සන්ධනය කිරිමේ දී සියයට තුන්සිය විස්සක ඉහළ යාමක් බව සඳහන්.