fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාව පරදවා ගෝල තුනට බිංදුවක් ලෙස ලෙබනන් කණ්ඩායම ජය ගනී

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:20

ශ්‍රී ලංකාව පරදවා ගෝල තුනට බිංදුවක් ලෙස ලෙබනන් කණ්ඩායම ජය ගනී

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ආසියානු කාණ්ඩයේ සුදුසුකම් ලබාගැනීමේ තරග යටතේ ශ්‍රී ලංකාව සහ ලෙබනනය අතර තරගය කොළඹ තුරග තරග පිටියේදී ඊයේ පැවැත්වුණා.

මෙහිදී ගෝල තුනට බිංදුවක් ලෙස තරගය ජය ගත්තේ ලෙබනන් කණ්ඩායමයි. තරගයේ පළමු අර්ධයේ සිට ක්‍රියාත්මක වූ ලෙබනන් ක්‍රීඩාකයන් 16 සහ 38 යන විනාඩියන්හි දඩුවම් පහර දෙකක් සාර්ථක කර ගනිමින් ගෝල දෙකක් වාර්තා කිරීමට සමත් වුණා. අනතුරුව දෙවන අර්ධයේ 81 වන විනාඩියේදී වාර්තා කළ ගෝලයත් සමග ගෝල තුනට බිංදුවක් ලෙස තරගයේ ඉදිරියට යාමට ලෙබනන් ක්‍රීඩකයන් සමත් වුණේ ජයග්‍රහණයේ මංපෙත් විවර කරමින්. කෙසේ වෙතත් තරගය පවතින අවස්ථාවේදීත් ක්‍රීඩාංගනයට අධික වර්ෂාවක් ඇද හැලීම කණ්ඩායම් දෙකටම දැඩි බලපෑමක් සිදුකළ බව පාපන්දු විචාරකයන් පෙන්වා දෙනවා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:20

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්