fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

මැතිවරණ කොමිසමේ සභාපතිගේ අභියෝගය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:03

මැතිවරණ කොමිසමේ සභාපතිගේ අභියෝගය

යුද හමුදාපති ෂවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක් යොදා ගනිමින් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පළ කර තිබූ පුවත්පත් දැන්වීම සම්බන්ධයෙන් හමුදාපතිවරයා ප්‍රකාශයක් සිදු කළ යුතු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා.

ත්‍රිවිධ හමුදාවේ සිටි ඉහළ නිලධාරීන්ගේ ප්‍රකාශයන් ඇතුළත් පුවත්පත් දැන්වීමක් ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශයක් ද සමගින් පසුගිය සති අන්ත පුවත්පතක පළ කර තිබුණා. එහි වත්මන් යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රකාශයක් ද අන්තර්ගතව තිබූ අතර ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබුණා. අද මැතිවරණ කොමිසන් සභාවේ පැවති මාධ්‍ය හමුවකදී ඒ සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියා.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 18:03

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්