fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පන්සියගම නව පොලිස් ස්ථානය විවෘත කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 16:59

පන්සියගම නව පොලිස් ස්ථානය විවෘත කෙරේ

පොල්පිතිගම කොට්ඨාසයේ පන්සියගම නව පොලිස් ස්ථානය වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද විවෘත කෙරුණා.

ජනතාවට ප්‍රශස්ථ සේවාවක් ලබා දීමේ අරමුණින් දිවයින පුරා පොලිස්ථාන 600 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ 498 වන පොලිස්ථානය ලෙස පන්සියගම පොලිස්ථානය ඉදිකර තිබෙනවා. ප්‍රදේශයේ ජනතාවට පොලීසියට අදාළ රාජකාරී ඉටුකර ගැනීම සඳහා කිලෝමීටර 30 කට ආසන්න දුරක් ගෙවමින් ගලේවෙල, වාරියපොළ හා ගොකරැල්ල පොලිස්ථාන වෙත යාමට සිදුව තිබුණා. එම අඩුපාඩුව සපුරාලමින් නව පොලිස්ථානය ස්ථාපනය කර තිබෙනවා. සමරු ඵලකය නිරාවරණය කර නව පොලිස්ථානය විවෘත කළ ආණ්ඩුකාරවරයා එහි නිරීක්‍ෂණ චාරිකාවකට ද එක් වුණා.

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 16, 2019 16:59

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්