බැසිල් ඇතුළු හතර දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 7 වනදා දක්වා කල්යයි
Related Articles
හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතර දෙනෙකුට එරෙහි නඩුව ලබන මස 7 වනදා දක්වා කල් තැබුනා.
ඉකුත් ජනාධිපතිවරණ සමයේ දිවි නැගුම අරමුදලේ රුපියල් මිලියන 2,991ක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවටයි ඔවුන්ට චෝදනා එල්ල වී ඇත්තේ. ඒ දිවිනැගුම ආධාරලාභීන්ට නිවාස ආධාර වශයෙන් ලබාදීම මඟින් මෙම අවභාවිතය සිදුකර ඇති බවට චෝදනා කරමින් නීතිපතිවරයා නඩුව ගොනුකර තිබෙනවා. නඩුව ලබන මස හත්වනදා දක්වා කල් තැබීමට නියෝග කළේ කොළඹ මහාධිකරණයයි.