ප්‍රදර්ශනාත්මක පන්දුවාර විස්ස තරගාවලියක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.
ඒ සඳහා රටවල් රැසක හිටපු ක්‍රිකට් ශූරයන් සහභාගී වන බවයි ක්‍රිකට් වාර්තා සඳහන් කළේ. ලබන වසරේ පෙබරවාරි දෙවනදා සිට 16 වනදා තෙක් මුම්බායිහිදි එය පැවැත්වීමයි සැලැස්ම.
සචින් තෙන්ඩුකාර්, බ්‍රයන් ලාරා, විරේන්ද්‍ර ෂෙවාක්, මුත්තයියා මුරලිදරන්, ජැක් කලිස්, බේරට් ලී ඇතුළු ක්‍රීඩකයන් ඊට එක්කර ගැනීමටයි කටයුතු යොදා තිබෙන්නේ. ඒ අනූව සහභාගි වන සමස්ථ ක්‍රීඩකයන්ගේ සංඛ්‍යාව 110ක්.