ජනාධිපතිවරණ නිරික්ෂණය සඳහා මැතිවරණ කොමිසමේ ආරාධනයෙන් පිරිසක් ලබන 11 වනදා දිවයිනට පැමිණෙන බව කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රි රත්නායක මහතා ප්‍රකාශ කළා.
ඔස්ටේ්රලියාව, දකුණු අපි‍්‍රකාව, ඉන්දුනිසියාව සහ සාර්ක් කාලපයේ රටවලට ඒ සඳහා ආරාධනා කර තිබෙනවා. වෙනත් කණ්ඩායම් ද නිරික්ෂකයන් ගෙන් වන බවයි සමන් ශ්‍රි රත්නායක මහතා පවසන්නේ. තැපැල් ඡන්ද නිකුත් කිරිම, සළකුණු කිරිම හා නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරිම සම්බන්ධ මුලික කටයුතු මේ වනවිට ක්‍රියාත්මක කර තිබෙනවා. තැපැල් ඡන්ද නාම ලේඛණ සහතික කිරිම ඊයේ (15) සිදුවුණා. ඒවා තැපැලට භාරදෙන්නේ සිකුරාදා.
රාජ්‍ය ආයතන සහ හමුදාවේ තැපැල් ඡන්ද සළකුණු කිරිම 31 සහ ලබන මස පළමුදා සිදුවනවා. පොලිසියේ, දිස්ත්‍රික් ලේක්ම් කාර්යාල හා මැතිවරණ කාර්යාල වල තැපැල් ඡන්ද සළකුණු කරන්නේ ලබන මස 04 වනදා. අතිරේක දිනයක් ද ප්‍රකාශයට පත්කර තිබෙනවා. ඒ ලබන මස 07 වනදා. නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා ලබන මස 25 වනදා තැපැලට භාරදෙන බවයි මැතිවරණ කොමිසම පවසන්නේ. ලබන මස 03 වනදා ඒවා බෙදාහැරිමේ විශේෂ දිනයක් ලෙස ප්‍රකාශ කර තිබෙනවා. බෙදාහැරිම් කටයුතු අවසන් වන්නේ ලබන මස නව වනදා. ඉන් අනතුරුව නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා තැපැල් කාර්යාලවලට ගොස් ලබාගත හැකි බවයි මැතිවරණ කොමිසම පවසන්නේ.