අසත්‍ය ප්‍රචාර පිළිබඳ නොරැවටෙන ලෙස පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මට්ටක්කුළිය ප්‍රදේශයේ සැක කටයුතු වාහනයක් ඇති බවට සිදු කෙරුණු ප්‍රචාරද එවැනි ව්‍යාජ එකක් බවයි පොලිස් මූලස්ථානය අවධාරණය කරන්නේ.
මට්ටක්කුළිය පොලිස් වසමේ ක්‍රිස්තියානි පල්ලියක් හා ඊට යාබද පාසලක් අසළ සැක කටයුතු වාහනයක් තිබෙන බවට මට්ටක්කුළිය පොලිසියට තොරතුරු ලැබී තිබුණා. ඒ පිළිබඳ පරීක්ෂා කිරීමේදී හෙළිව ඇත්තේ සුඛෝපබෝගී මෝටර් රථයක් ඊයේ රාත්‍රියේ කාර්මික දෝෂයකට ලක්වීම හේතුවෙන් අයිතිකරු එය එම ස්ථානයේ තබා ගොස් ඇති බවයි. අද උදෑසන පාසලට පැමිණෙන අවස්ථාවේ එය දුටු සිසුන් මෙන්ම දෙමව්පියන්ද කලබලයට පත්ව තිබෙනවා. එම වාහනයේ අයිතිකරුද එම ස්ථානයට පැමිණි නමුත් මේ පිළිබඳ විවිධ අසත්‍ය ප්‍රචාර පැතිරෙමින් පවතින බවයි පොලිසිය පවසන්නේ. එවැනි කිසිඳු සැක කටයුතු තත්ත්වයක් නොමැති බව පොලිසිය අවධාරණය කරනවා.