බලපත්‍ර නොමැති රා ස්කාගාරයක් වටලා රා ලීටර් අසූතුන්දහසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව අලුත්ගම කලුවාමෝදර ප්‍රදේශයේදියි වැටලීම සිදුකෙරුණේ. නීති විරෝධී රා ස්කාගාරයේ හිමිකරු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු හා නඩු භාණ්ඩ අලුත්ගම සුරාබදු නිලධාරීන්ට භාර දෙන බව පොලීසිය පවසනවා. මෙම රා කෘත්‍රිම රා දැයි පරික්ෂා කිරීම සදහා එහි සාම්පල රජයේ රස පරික්ෂක වෙත යොමු කිරිමට ද නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරන්නේ.