ස්පාඤ්ඤයේ පැවැත්වෙන විරෝධතා හේතුවෙන් බාසිලෝනාහි ගුවන්ගමන් සිය ගණන් අත්හිටුවා තිබෙනවා.
දේශද්‍රෝහී චෝදනාව සම්බන්ධයෙන් ස්පාඤ්ඤ බෙදුම්වාදී නායකයින් 09 දෙනෙකුට දීර්ඝකාලීන සිර දඩුවම් ලබාදීම හේතුවෙන් මෙම උද්ඝෝෂණ ආරම්භ වුණා. විරෝධතාකරුවන් හා පොලීසිය අතර ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 37 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ස්පාඤ්ඤ ගුවන්තොටුපල බලධාරීන් පවසන්නේ ගුවන්ගමන් 108 ක් අවලංගු කිරීමට පියවර ගෙන ඇති බවයි. විරෝධතාකරුවන් මහාමාර්ග මෙන්ම දුම්රිය මාර්ගවල ගමනාගමන කටයුතුවලටද බාධා කරමින් විරෝධතාවන්හි නිරත වන බව සදහන්.