සමස්ත ලංකා පාසල් ක්‍රීඩා තරගාවලියේ බාලක ශුරතාව දිනා ගැනිමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුණා. මහනුවර සිතා දේවි විද්‍යාලය බාලිකා ශුරතාව දිනා ගත්තා.
මහනුවර දිගන පළාත් සභා ක්‍රිඩාංගනයේ පැවති බාලක හොකි තරගාවලියේ මාතලේ සහිරා විද්‍යාලය සමග පැවති තරගය ලකුණු එකට බින්දුවක් ලෙස ජයගැනිමට බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය සමත් වුනා. මාතලේ ශාන්ත තෝමස් විද්‍යාලය මෙහි තුන්වන ස්ථානය දිනා ගත්තා. මේ අතර මාතලේ ශ්‍රී සංඝමිත්තා විද්‍යාලය සමග පැවති බාලිකා හොකි තරගය ලකුණු 5ට 02ක් ලෙස ජයග්‍රහණය කළේ මහනුවර සිතා දේවි විද්‍යාලයයි. එහි තුන්වන ස්ථානය දිනා ගත්තේ වෙන්නප්පුව පාවුලේ බාලිකා විද්‍යාලයයි. දක්ෂතම ක්‍රිඩකයා ලෙස බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලයේ ආකාෂ් දිසානයක සම්මාන දිනා ගත්තා. දක්ෂතම ක්රිඩිකාව බවට පත් වුයේ මහනුවර සිතා දේවි විද්‍යාලයේ දිල්හානි රෝෂණි.