වැඩිමිලට ගෑස් අලෙවිකරන වෙළෙදුන්ට එරෙහිව දැඩිව නිතිය ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය පවසනවා.
මේවන විටත් දිවයින පුරා වැටලීම් ක්‍රියාත්මක කිරිමටයි පියවර ගෙන ඇත්තේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩර වැඩිමිලට අලෙවි කිරීමේ සිද්ධීන් හයකට වැඩි සංඛ්‍යාවක් එම වැටලීම්වලදී වාර්තාවූ බවයි අධිකාරිය සදහන් කළේ. ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල පහල දැමීමට රජය පියවර ගත්තේ පසුගිය 4 වනදා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කය තුළ කිලෝග්‍රෑම් 12 යි දශම පහක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 251 කින් ද අනෙකුත් දිස්ත්‍රික්කවල රුපියල් 240 කින් ද පහල දැමීමටයි තීරණය කළේ.
සියලුම වෙළෙදුන් එම මිල අඩුකිරීම්වලට අනුව ගෑස් අලෙවිකළ යුතු බව පාරිභෝගික කටයුතු පිලිබද අධිකාරිය දැනුම් දෙනවා.