fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

වැසි තත්ත්වය ඉහළට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 18:01

වැසි තත්ත්වය ඉහළට

දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි දින කිහිපයේදී වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 2 න් පසු වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවන බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ. බස්නාහිර, සබරගමුව,මධ්‍යම,වයඹ, ඌව සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් සියයක පමණ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියා සිටිනවා. නැගෙනහිර සහ උතුරු වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී සිහින් වැසි ඇතිවීමේ හැකියාවක් පවතිනවා. බස්නාහිර,සබරගමුව,මධ්‍යම,ඌව සහ දකුණු පළාත්වල උදෑසන කාලයේ මීදුම් සහිත තත්ත්වයක් බලාපොරොත්තු වන බවයි කාලගුණ අංශ පවසන්නේ. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීම සදහා පියවර ගන්නා ලෙස ඔවුන් ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 18:01

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo