fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 12:51

නාමල් රාජපක්ෂ ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව විභාගයට ගැනේ

රජයේ මුදල් අවභාවිත කළ බවට වන චෝදනාවක්  සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 6 දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණයේ දී  අද විභාගයට ගැනුණා.

රුපියල් මිලියන 30 ක මුදලක් අයථා ලෙස පෞද්ගලික  සමාගමක් හරහා විශුද්ධිකරණය කළ බව කියමිනුයි විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත්තේ. සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය මගහරිමින් සිටි ඉන්දික කරුණාජීව යන අය අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කිරීමට ද අධිකරණය මීට පෙර නියෝග කළා. නඩුව අද කැදවූ අවස්ථාවේ විත්ති පාර්ශ්වයෙන් වෙනත් දිනයක් ඉල්ලා සිටියා. ඒ අනුව නඩුවේ  වැඩිදුර සාක්ෂි විමසීම ලබන වසරේ පෙබරවාරි මස 10 වනදාට කල් තැබුණා.

 

 

 

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 12:51

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්