fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

පොලිස් අණ නොතකා ධාවනය කළ ජිප් රථයකට පොලිසියෙන් වෙඩි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 10:40

පොලිස් අණ නොතකා ධාවනය කළ ජිප් රථයකට පොලිසියෙන් වෙඩි

පොලිස් අණ නොතකා ධාවනය කළ ජිප් රථයකට පොලිසිය වෙඩි තබා තිබෙනවා. ඒ කිලිනොච්චිය අරවියල්නගර් ප‍්‍රදේශයේදී.

ගංජා තොගයක් ජිප් රථයකින් ප‍්‍රවාහනය කරන බවට ලැබුණු තොරතුරක් මත කිළිනොච්චිය කොට්ඨාස දුෂණ මර්දන අංශ නිලධාරින් වැටලීම සිදුකළා. එහිදි සැක සහිත ජිප් රථය නොනවත්වා ධාවනය කර ඇති බවයි පොලිසිය පවසන්නේ. වෙඩි තැබීමෙන් ජීප් රථයේ සිටි පුද්ගලයෙකු සුළු තුවාල ලබා තිබෙනවා. ජීප් රථයේ ගමන් කර ඇත්තේ කැබිතිගොල්ලෑව සුරාබදු ඒකකයේ නිලධාරින් බව පසුව හෙළිවී ඇතැයි පොලිස් මුලස්ථානය සඳහන් කළා.

තුවාල ලබා ඇත්තේ සුරාබදු ඒකකයට තොරතුරු සපයන පුද්ගලයෙක්.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 10:40

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්

Thank you for taking time to Vote for us at BestWeb.lk 2020

logo