fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඕස්ට්‍රේලියා T20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා  සංචිතය නම් කෙරේ

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 09:50

ඕස්ට්‍රේලියා T20 තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා  සංචිතය නම් කෙරේ

එළඹෙන ඕස්ට්‍රේලියා පන්දුවාර 20-20 තරග සංචාරය සඳහා ක්‍රිඩකයින් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා  සංචිතය නම් කර ඇති බව ක්‍රිකට් ආරංචි මාර්ග සඳහන් කරනවා.

ලසිත් මාලිංගගේ නායකත්වයෙන් යුත් මෙම සංචිතයට පාකිස්තාන තරග සංචාරයට එක් වූ ක්‍රීඩකයින් 12 දෙනෙකු නම් කර ඇති බව සඳහන්. කුසල් පෙරේරා ,  නිරෝෂන් දික්වැල්ල සහ ආබාධයට ලක්ව සිටි කුසල් මෙන්ඩිස්  යන ක්‍රිඩකයින්ද ඕස්ට්‍රේලියා සංචාරය සඳහා නම් කර ඇති බවයි වාර්තා වන්නේ. රුමේෂ් රත්නායක මහතා මෙම තරගාවලියේදී වැඩබලන පුහුණුකරු ලෙස කටයුතු කරනු ඇති.  ශ්‍රී ලංකා සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන තරග තුනකින් යුත් පන්දුවාර 20-20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ලබන විසිහත්වනදා ඇඩිලේඩ්හිදී පැවැත්විමට නියමිතයි.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 14, 2019 09:50

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්