නීතිවිරෝධීව මෙරටට ගෙන්වා ප්රවාහනය කරමින් තිබූ දුම්වැටි 7000ක් හම්බන්තොට ප්රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෝටර් රථයකින් ප්රවාහනය කරමින් තිබියදීයි දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවන් තුන් දෙනෙකු ද සමඟයි. හම්බන්තොට නාවික හමුදා කදවුරේ බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව වැටලීම සිදු කෙරුණා. සැකකරුවන් ගාල්ල ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් හම්බන්තොට මහේස්ත්රාත් හමුවට අද ඉදිරිපත් කිරීමට නියමිතයි.