ඉදිරි ජනාධිපතිවරණයේ ජයග්‍රහණය සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැති බව අමාත්‍ය පලනි දිගම්බරම් මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පල කළේ හැටන් නගරයේ පැවති උත්සවයකට එක්වෙමින්.
හැටන් නිග්‍රෝධාරාම විහාරස්ථානයේ රුපියල් ලක්ෂ 55 ක ප්‍රතිපාදන යටතේ ප්‍රතිසංස්කරණය කරන දාන ශාලාවේ කටයුතු සොයා බැලීම සදහා අමාත්‍ය පලනි දිගම්බරම් මහතා අද එම විහාරස්ථානය වෙත පැමිණියා. මෙම විහාරස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කරන්නේ විහාරාධිපති මධ්‍යම පළාත් ප්‍රධාන සංඝනායක පූජ්‍ය මහගම විමල් ස්වාමීන්වහන්සේගේ ඉල්ලීමකට අනුවයි. විහාරස්ථානය වෙත පැමිණි අමාත්‍යවරයා ආගමික වතාවත්වලටද එක්වුණා. අනතුරුව අමාත්‍ය දිගම්බරම් මහතා ඉදිරි ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් පල කලා.
[ot-video type=”youtube” url=”https://youtu.be/cfXCAHLqwms”]