fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

නිදහස් පක්‍ෂය ගත් තීන්දුවට ක්‍රියාකාරී සංවිධායකයින්ගේ විරෝධය

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 17:56

නිදහස් පක්‍ෂය ගත් තීන්දුවට ක්‍රියාකාරී සංවිධායකයින්ගේ විරෝධය

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගෝඨාභය රාජපක්‍ෂ මහතාට සහාය දීමට ගත් තීන්දුවට පක්‍ෂයේ ක්‍රියාකාරී සංවිධායකයින් සිය විරෝධය පළ කර සිටිනවා. ඒ අනුව ප්‍රදේශ කිහිපයක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ සංවිධායකයින් මාධ්‍ය හමු කැඳවමින් සඳහන් කළේ ඉදිරි ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන බවයි.

මඩකලපුව දිස්ත්‍රික්කය නියෝජනය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ක්‍රියාකාරීන් පිරිසක් මෙහිදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කිරීමට එක්වුණා. ඒ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බවයි ඔවුන් ප්‍රකාශ කළේ.

රත්නපුර දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ පිරිසක්ද ජනාධිපතිවරණයේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය පල කළා. පැල්මඩුල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔවුන් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් මේ වන විට අතරමං වී ඇති බවයි.

සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීරිගම සම සංවිධායක සංජය සිරිවර්ධන මහතා පවසනවා. මීරිගම පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා ප්‍රකාශ කළේ මීරිගම බල ප්‍රදේශයේ විශාල පිරිසක් සජිත් ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කරන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය සුරැකීමේ සංවිධානය කරන්දෙණිය ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් පැවැත්වුවා. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ කරන්දෙණිය සම සංවිධායක රම්‍ය විජේතුංග මහතා මෙහිදී කියාසිටියේ නිදහස් පක්‍ෂ බිම් මට්ටමේ කිසිවෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහාය නොදක්වන බවයි.

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 17:56

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්