fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

45 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ බර ඉසිලීමේ තරගාවලියේ ශුරතාව උතුරු මැද පළාතට

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 16:41

45 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ බර ඉසිලීමේ තරගාවලියේ ශුරතාව උතුරු මැද පළාතට

45 වන ජාතික මහා ක‍්‍රීඩා උළලේ බර ඉසිලිමේ තරගාවලියේ ශුරතාව දිනා ගැනිමට උතුරු මැද පළාත සමත් වුනා. එහිදී නව ශ්‍රී ලංකා වාර්තා 14ක් සහ නව තරග වාර්තා 36ක් පිහිටුවීම විශේෂත්වයක්.

ක‍්‍රීඩා සංවර්ධන දෙපර්තමේන්තු ක්‍රිඩාංගනයේ පැවති ජාතික මහා ක‍්‍රිඩා උළලේ බර ඉසිලිමේ ශුරතාව දිනා ගැනිමට උතුරු මැද පළාත සමත් වුනා.  එහි අනුශුරයන් වුයේ මධ්‍යම පළාතයි. බස්නාහිර පළාත තුන්වන ස්ථානය දිනා ගත්තා. මෙහිදි කාන්තා අංශයේ වර්ණකුලසූරිය නව ශ්‍රී ලංකා වාර්තා 03ක් සහ නව තරග වාර්තා 03ක් බිහි කළා. ඇය ස්නැච් ක‍්‍රමයට එසවූ කිලෝග‍්‍රෑම් 77 සහ ක්ලීන් ඇන්ඞ් ජර්ක් ක‍්‍රමයට එසවූ කිලෝග‍්‍රෑම් 96, නව ශී‍්‍ර ලංකා වාර්තා ලෙස සටහන් වුණා. ඒ අනුව, චමරි එසවූ මුලූ බර වූ කිලෝග‍්‍රෑම් 173 ද කිලෝග‍්‍රෑම් 55 කාන්තා බර පන්තියේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් වනවා. මෙවර  45 වන ජාතික මහා කී‍්‍රඩා උළලේ දක්ෂතම බර ඉසිලීමේ කී‍්‍රඩිකාව ලෙස ද චමරි වර්ණකුලසූරිය සම්මාන දිනා ගත්තා. දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන දිනා ගත්තේ චින්ත ගීතාල් විදානගේයි. ඔහු පිරිමි බර අංශයෙන් නව ශ්‍රී ලංකා වාර්තා 02ක් සමගින් නව තරග වාර්තා 03ක් ද පිහිටවු වීමට සමත් වුනා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 16:41

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

ක්‍රිකට්- තවත් මෙතනින්

පාපන්දු- තවත් මෙතනින්

මලල ක්‍රීඩා- තවත් මෙතනින්

වෙනත් ක්‍රීඩා- තවත් මෙතනින්