අවිස්සාවේල්ල තැඹිලියාන ප්‍රදේශයේ හෝටලයක් තුළ පැවැති සාදයක් වැටලීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.
ෆේස්බුක් හරහා සම්බන්ධවූ තරුණ තරුණියන් පිරිසක් සාදය සංවිධාන කර ඇති බවටයි තොරතුරු හෙලිවුණේ. සාදයට සහභාගීවූවන් සතුව තිබු හෙරොයින්, අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය සොයාගත්තා. එහි සිටි තරුණයන් 21 දෙනෙකු හා තරුණයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් අද අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.