fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

බොහෝ ප‍්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 09:52

බොහෝ ප‍්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි

දිවයිනේ බොහෝ ප‍්‍රදේශ වලට සවස් කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. සබරගමුව, මධ්‍යම, ඌව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත් වලටත්, මන්නාරම සහ වව්නියාව දිස්ති‍්‍රක්ක වලටත් මිලිමීටර සියයක පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බවයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ ජනක රත්නායක මහතා සඳහන් කළේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශ වලට දින කිහිපයක සිට ඇද හැලෙන ධාරාණිපාත වර්ෂාවත් සමඟ කාසල් රී ජලාශය වාන් දැමීමට පටන් ගෙන තිබෙනවා. මාඋස්සාකැලේ ජලාශය ද මේ වනවිට පිටාර මට්ටමට ඉතා ආසන්නව පවතින බවයි ජලාශ භාර ඉංජිනේරුවන් පවසන්නේ.ලක්ෂපාන ජල විදුලි බලාගාර සංකීර්ණයට අයත් නෝර්ටන් බි‍්‍රජ් විමලසුරේන්ද්‍ර ජලාශය ද ඊයේ පස්වරුවේ සිට වාන් දමමින් පවතින බව අප වාර්තාකරු ප‍්‍රකාශ කළා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 09:52

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්