fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

තිදෙනෙකුට මරු කැඳවූ වැලිමඩ අනතුර

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 09:26

තිදෙනෙකුට මරු කැඳවූ වැලිමඩ අනතුර

වැලිමඩ ප්‍රදේශයේ නිවසක් මතට ගසක් කඩා වැටීමෙන් එහි සිටි පුද්ගලයින් තුන් දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. එක් අයෙකු තුවාල ලබා ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

වැලිමඩ ප්‍රාදේශීය සභාවට අයත් මෙම  ඉඩමේ ප්‍රාදේශීය සභාවේ සේවය කරන කම්කරුවන් ඇතුළු තවත් පිරිසක් තාවකාලිකව නිවාස ඉදිකර ගෙන සිට තිබෙනවා.  වැලිමඩ ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාව හේතුවෙන් මෙම ගස එහි තිබූ එක් නිවසක් මතට කඩා වැටී තිබෙනවා. එම නිවස සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව ඇති අතර අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදුවූ බව පොලිසිය ප්‍රකාශ කළා. ජීවිතක්ෂයට පත්වූවන් අතර වයස අවුරුදු 10 ක සහ 13 ක පිරිමි ළමයින් දෙදෙනෙකු  ද වනවා. තුවාල ලැබූ පුද්ගලයා බදුල්ල මහරෝහලේ ප්‍රතිකාර ලබනවා.

 

 

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 13, 2019 09:26

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්