fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ශ්‍රී ලංකාවේ රූපවාහිනී රියැලිටි ඉතිහාසයේ ප්‍රථමවරට ITN Kids Band

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:18

ශ්‍රී ලංකාවේ රූපවාහිනී රියැලිටි ඉතිහාසයේ ප්‍රථමවරට ITN Kids Band

ශ්‍රී ලංකාවේ රූපවාහිනී රියැලිටි ඉතිහාසයේ ප්‍රථමවරට ළමා සංගීත කණ්ඩායම්වල දක්ෂතා ඇති දරුවන්ට අයිටීඑන් කිඩ්ස් බෑන්ඩ් ප්‍රථම අදියරේ දැනුවත් කිරීමේ වැඩසටහන අයිටීඑන් පරිශ්‍රයේ දී අද පැවැත්වුනා.

මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට ළමා සංගීත කණ්ඩායම් 40කට වැඩි සංඛ්‍යාවක් එක්ව සිටියා. දිවයිනේ සියලු ප්‍රදේශවලින් මෙම පිරිස් මීට සහභාගී වූ අතර වැඩසටහනට එක්වූවන් වෙනුවෙන් ප්‍රථම වටයේ පරික්ෂණ නොවැම්බර් මස 19 සහ 20 වන දින පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. එහිදී ප්‍රථම වටය සදහා කණ්ඩායම් 30ක් තෝරා ගැනිමට නියමිතයි. අයිටීඑන් මාධ්‍ය ජාලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වැඩසටහන්) ඉන්ද්‍රජිත් වන්නිඅච්චි, ක්‍රියාකාරී ඉංජිනේරු උදිත හේවාවසම් යන මහත්වරුන් ඇතුළු පිරිසක්  මෙම අවස්ථාවට එක්ව සිටියා.  අයිටීඑන් මාධ්‍ය ජාලයේ පරිගණක කළමනාකරු සදරුවන් ජයවික්‍රම මහතාගේ උපදෙස් මත වැඩසටහන අධ්‍යක්ෂණය කරනු ලබන්නේ හේෂාන් වසන්ත ඥානප්‍රිය මහතායි.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:18

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්