fbpx

Life+News The Official News Portal of Independent Television Network Ltd

ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදුවලට දරුවන් යොමු කිරීමේ අවබෝධතා ගිවිසුමක්

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:11

ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදුවලට දරුවන් යොමු කිරීමේ අවබෝධතා ගිවිසුමක්

පාසල් දරුවන්ගේ ඉංග්‍රීසි අධ්‍යාපනය වැඩිදියුණු කිරීම සහ යහපත් සෞඛ්‍ය පුරුදුවලට දරුවන් යොමු කිරීමේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුනා. ඒ අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික ඉතිරිකිරීමේ බැංකුව අතරයි.

අධ්‍යාපන අමාත්‍යාංශයේදී අත්සන් තැබුණු මෙම අවබෝධතා ගිවිසුම යටතේ ඉංග්ලිෂ් ඊස් සිම්පල් සහ අයෑම් ෆිට් ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට නියමිතයි. පොත පතේ දැනුමට සීමා නොවුනු ප්‍රායෝගික අත්දැකීම් රැසක් පාසල් දරු දැරියන් වෙත ලබාදීමට සැලසුම් කර තිබෙනවා. ඉංග්‍රීසි භාෂා සංවර්ධන ව්‍යාපෘතිය භාරව අධ්‍යාපන අමාත්‍යාංශය වෙනුවෙන් ඉංග්‍රීසි භාෂා ඒකකය කටයුතු කරන අතර සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘතිය භාරව අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාව මූලිකත්වය ගෙන කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ, ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජ්‍යෙෂ්ඨ සාමාන්‍යාධිකාරී කිත්සිරි විජේරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ITN News Editor
By ITN News Editor ඔක්තෝබර් 12, 2019 19:11

ව්‍යාපාරික පුවත්- තවත් මෙතනින්

ක්‍රීඩා පුවත්- තවත් මෙතනින්

රස බර- තවත් මෙතනින්